Wednesday 30 June 2010

ඊළඟ අයවැය


 
                                        මේ විශාලා මහනුවර
                                        අඩපණව වැතිර නිදනා
                                        මිනිසුනි බලව් නුබ ගැබ
                                        මළාණික ඇස් හැර..

                                        මියෙන තොප සිරුරු
                                        කීතු‍ කොට බුදින්නට
                                        ලේ රතැ'ස් දිදුලන
                                        ගිජු ලිහිණියන් පැමිණෙත..

5 comments:

  1. ගිනිකනවන්
    මුවෙකු හට......
    එළියට මුවාවී
    එන ඊ සැරය
    නොපෙනෙන්නේ
    යම්සේද.............
    අඩපණව වැතිර
    ඉන්නා සඳ.....
    නොපෙනෙනු ඇත
    නුඹ කුස......
    සරණ මරණය
    මෝහයෙන් මුලාවූ
    නෙත් වලට.......

    ReplyDelete
  2. අඩ පණව හිඳින අප
    ලේ රතැ'ස් දිදුලන
    ගිජු ලිහිණියෝ විත්
    කීතු කරනා සඳ
    මලානික දෑස් හැර බැලුවෙමු
    දුටිමි අසල හිනැහෙමින්
    ලේ රස බුදින
    වෘකයෝ රැළ

    ReplyDelete
  3. ගිජු ලිහිණියන්ට ගොදුරුව මියෙන්නේද?
    උන් හා සටන් කොට මියෙන්නේද?
    තීරණය ඔබ අතය.

    ReplyDelete
  4. හුගක් ලොකු යටි අදහසක් ගැම්බුරුව ඉදිරිපත් කරන්න දරන උත්සාහය සාර්ථකයි..

    ReplyDelete
  5. ඇස් හැර බැලුවට ඵල නැත
    ලේ රස බලන්නට අප
    ගිජු ලිහිණියන්ට ප්‍රථමව
    වෘකයින් එනු දුටුව සඳ...

    [අදහස ගත්තේ "ඉසිම්ම්බුවා"ගේ පද පේලියෙන්..]

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.