Friday 3 December 2010

යුග යුග සිහිනය...



                                  මිනිස් හැඩයෙන් තැණුනු
                                  ලොකුම ලොකු ඔඵවල
                                  තැණුනු කම්හල්වල
                                  නිපදවුණු ‍බොරු ගොඩක
                                  රැවටිලි කෝටි ගණනක
                                  යුග ගණන් පීඩිතව..


                                  අපි තවම බලා ඉමු
                                  පුංචිම පුංචි ඔඵ ඇති
                                  ලොකුම ලොකු හදවත්වල
                                  සෙවණ යට සැනසෙන්න

                                  සැබවින්ම  හිනහෙන්න..

5 comments:

  1. තනයි උන්
    ලොකුම ඔලු ගෙඩි වලින්
    කෘතිම හදවතුත් දැන්
    විසාලෙට..
    හැකිවේද මතුදාක
    සිහිනෙකින් වත් අපට සැනසෙන්න??

    ReplyDelete
  2. බලන් ඉඳල,බලන් ඉඳල
    පුංචි ඔලු එන කල්ම,
    අර දවස ආපු දාට
    පෝලිමේ ගොහිල්ලා
    නොගැහුවොත් කතිරය
    ලොකු ලොකු ඔලුවලට,
    අපිටත් ඒවි දවසක්
    ඒ සෙවන යට සැනසෙන්න

    ReplyDelete
  3. අනේ මන්දා යාළු කවදා අපිට හිනැහෙන්න ලැබේවිද කියලා

    ReplyDelete
  4. පුංචි ඔලු ඇති
    ලොකු හදවත් ඇති
    කිසි කෙනෙකු නැති
    ඔතැන නැවතුණි

    ReplyDelete
  5. පුංචිම පුංචි ඔඵ ඇති
    ලොකුම ලොකු හදවත්....?

    මම නම් අතෑරියා.... මම හිතන්නෙ ඔය ජාතිය රතු දත්ත පොතෙනුත් අයින් කරලා ඇති.

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.