Wednesday 23 February 2011

හතුරුකම..

 


ගුරුත්වාකර්ෂණය
මායිම් නොකර
ස්කන්ධයක් නැති හිත
තාරකා වෙත නැගෙයි..

පොළොවටම ඇලෙන 
මේ බරැ'ති කය
ඇද හෙලයි අපායට
තාරකා මතින් සිත..

8 comments:

  1. තේරුම් ගනිමින් සිටිමි....

    ReplyDelete
  2. ලස්සන සිතිවිල්ලක් :)

    ReplyDelete
  3. ඇත්තට
    තාරකාවක වසන්නට
    හීන පමණක් දැක
    වසන්නට සිදුවේ ගතින්
    අපාගත පෙළොව මත
    හිත යවා අහසට

    ReplyDelete
  4. දුප්පත් පීඩිතයන් බහුතරයක් ඉන්නා රටක ,හැමදාමත් ධනපතියන් රජකිරීමට හේතුව නේද ඔය?

    ReplyDelete
  5. සිරගතව
    ගත
    නොහැකි වූ කල
    බලා මග
    සැතපෙන්න
    තරු සිහින මත

    ඉරිසියාවෙන් බරව
    හෙලුවාද සිතුවිලි
    අපායට

    ReplyDelete
  6. මේ තමා තෙවැනි කාර්තුවේ පැවැත්මේ සූත්‍රය...
    (උඩ බලාගෙන ජීවත්වීම)

    ReplyDelete
  7. අමුතු සිතිවිල්ලක් ..

    ReplyDelete
  8. අපූරු අදහස

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.