Sunday 15 May 2011

හිම සහ ලෝදිය


ජීවිතේ මහමග යනෙන කල
සංසාරගත පෙර බැඳුම්
නැවත හමුවී සිත බැඳෙන විට
කෙලෙස මා ඔබ ළඟම ඉන්නද
ශරීරෙන් මිස මුඵ සිතින්නම්..

එහෙත් මගෙ යටි සිත‍ නොදන්නා
ඔබ හිඳියි මා ළඟම ළතැවී
ඔබේ යටි සිත නොදන්නා
මා හිඳියි ඔබ ළඟම නැවතී..

මතුපිටින් හිම වැටුණු සීතල
ඇතුළතින් ලාවා බුබුලුලන
අපි තවත් ගිනි කඳු දෙකක්මය
එකිනෙකා ගැන කිසිත් නොමදත්..


3 comments:

  1. භයානක ගිනි කඳු දෙකක් !
    අපූරුයි

    ReplyDelete
  2. ඉඳල හිටලා ගිනි කඳු පුපුරල ලාවා මතුවෙනවා...

    ReplyDelete
  3. ඇත්තමයි..යාලුවා..
    යථාර්තය නම් මෙයම තමා.

    රසවත් පද වැලක්.

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.