Monday 9 January 2012

දළඳා හිමියනි ඔබේ කැමැත්තට ඉඩ කොහෙද?




සියවස් ගණන්
රජවරුන්ගේ
ශ්‍රී විභූතිය වෙනුවෙන්
හිඳ ඔවුන් ඇසුරේ
වෙහෙසක් දැනෙනවා ඇති
දළඳා හිමියනි
ඔබට අපමණ..

ධනවත් කුළවතුන්ගේ
භුක්තියට සරිවුණ
ආඩම්බරකාර තේවාව
එපාවී ඇතැයි හොඳටම
නොසිතා ඉන්නෙ කොහොමද?

පීඩක බලවතුන්ගේ
බැල්මටම නිතර හසුවන
ඔවුන්ගේ කිළිටි හදවත්
දැක දැකම වැඩ හිඳින
ඔබට වෙහෙසක් නැතැයි
සිතන්නේ කෙලෙසද?

දුර ඇසෙන බෙර සක් හඞ
වයන මිනිසුන්ගේ
දාඩිය ගෙනෙන සුවඳට
ඈත ගොවි බිම්වල
මහ පොළොව අස්වද්දන
මිනිසුන්ගේ නොහිම්
මඩ සුවඳ ගෙනෙන සුළඟට
ආශා හිතෙනවා ඇති..

ස්වභාවික දේ අතර
ස්වභාවික හදවත් ළඟ
ළංවී හිඳින්නට
කැමැත්තෙන් ඇති ඔබ
සියවස් ගණන්
සිර කර හිඳින කල
මාළිගාවක..



10 comments:

  1. ඇත්තට මෙහෙමත් හිතෙනව ඇතිනේ....

    ReplyDelete
  2. පීඩකයින් දුෂකයින්
    වැඩියෙන් ගැවසෙනා
    තැනෙක වැඩ හිඳින්නට
    පිළිකුලෙන්
    නැවතත් වරක්
    කුරහන් ගලක් යට
    සැඟවෙන්නට
    සිදුවේනම් අරුමයක්ද ?

    ReplyDelete
  3. මං හිතන්නෙ දලදා හාමුදුරුවො ඔතන නැහැවෙන තැනක ඇත්තෙ...

    ReplyDelete
  4. එ් කතාවත් හරි!

    ReplyDelete
  5. නන්දා මාලිනී ගයන සින්දුවක් මතක් වුනා. [අර වැටෙන් පැනල සිරිමා බෝධිය වඳින කට්ටිය ගැන එහෙම තියෙන එක]

    ReplyDelete
  6. සහතික ඇත්ත කතාවකි !!!

    ReplyDelete
  7. අවුරුද්දකට සැරයක් දංවැල් දාපු අලි ගොඩකුයි, දාඩිය දාගෙන නටන, බෙරගහන මිනිස්සු ගොඩකුයි, මැද්දෙ යන්ඩ වෙන එක ගැන දුක්වෙනවත් ඇති...

    ReplyDelete
  8. දළදා හිමියන්ටවත්
    කැමැත්තට නැති නම් ඉඩක්
    අපේ කැමැත්තට
    දළදා හාමුදුරුවන්ගේ
    පිහිටයි..!

    ReplyDelete
  9. සම්පූර්ණ ඇත්ත

    වික්ටර් රත්නායක සහ රත්න ශ්‍රී විජේසිංහ කළ ගී නිර්මාණය මෙහෙම තියනවා

    " පාත ඉඳන් අපි ආවේ නාමල් පූජා කරන්න
    දළදා හාමුදුරුවනේ පාත මාලයට වඩින්න"

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.